මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙයි.
ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර තිබෙයි.







