ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ලබාදීමට සූදානම් – ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Alireza Delkhosh පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත්, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තානාපතිවරයා සඳහන් කළේ.

ඉරානය සිය මිත්‍ර රටවලට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා නොමැති බවත්, ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවත් ඉරාන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරානය ඉල්ලීමක් කිරීමට පළමුව බවද, ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය සිහිපත් කර සිටින බවද ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Alireza Delkhosh වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.