ADB සභා­පති මෙරට සංචා­ර­යක

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ADB) සභා­පති මසාටෝ කන්ඩා (Masato Kanda) මහතා අද (23) සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා පැමිණ ඇත.

සභා­ප­ති­ව­රයා අද අලු­යම 00:15ට කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළෙන් ශ්‍රී ලංකා­වට ළඟා වීමට නිය­මිත අතර, එහිදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැල­සුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහ­ත්ව­රුන් විසින් ඒ මහ­තාව පිළි­ගනු ලැබී­මට නිය­මි­තව තිබිණි.

කොළඹ වරාය පාලක මැදි­රිය නිරී­ක්ෂ­ණය කරන සභා­ප­ති­ව­රයා, අන­තු­රුව කොළඹ ITC රත්න­දීප හෝට­ල­යේදී පෞද්ග­ලික අංශයේ නියෝ­ජි­ත­යන් සමඟ විශේෂ දිවා භෝජන සාක­ච්ඡා­ව­කට සහ­භාගි වනු ඇත. එදි­නම පස්ව­රුවේ ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවා­සික මෙහෙ­යුම් කාර්යා­ලයේ (SLRM) පැවැ­ත්වෙන පිළි­ගැ­නීමේ උත්ස­ව­ය­කට සහ කාර්ය මණ්ඩල හමු­ව­කට ද ඔහු එක්වී­මට නිය­මි­තය.

සංචා­රයේ දෙවැනි දිනය වන හෙට (24) දින, මෑතක දී බලපෑ ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් සිදු වූ හානි නිරී­ක්ෂ­ණය කිරීම සඳහා සභා­ප­ති­ව­රයා ප්‍රමුඛ දූත පිරිස කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ සංචා­රය කිරී­මට සැල­සුම් කර ඇත. හෙලි­කො­ප්ටර් යානා මඟින් අර­ණා­යක රිවි­සඳ මධ්‍ය මහා විද්‍යා­ලය වෙත ගොස්, එතැන් සිට නාරං­ගල සහ අඹ­ල­න්කන්ද යන ප්‍රදේ­ශ­වල සිදු වූ විනා­ශය පිළි­බඳ ඒ මහතා පෞද්ග­ලි­ක­වම සොයා බලනු ඇත.

එදි­නම පස්වරු 3:00ට ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා හමුවී සාකච්ඡා පැවැ­ත්වීම මෙම සංචා­රයේ සුවි­ශේෂී අව­ස්ථා­වකි.

සියලු නිල කට­යුතු නිම කිරී­මෙන් පසු සභා­පති මසාටෝ කන්ඩා මහතා අනිද්දා (25) අලු­යම 01:00ට දිව­යි­නෙන් පිටත්ව යෑමට නිය­මි­තය.

ජය­සිරි මුණ­සිංහ