සුරේෂ් සලේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 25 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.