යුද්ධය සමනය නොවුවහොත් මැයි මාසයේදී ‘දරාගත නොහැකි’ ඉන්ධන මිල සංශෝධනයක් විය හැකියි – ඇමති නලින්ද

පවතින යුදමය තත්ත්වය ඉදිරි සති කිහිපයේදි සමනය නොවුණහොත් මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ජනතාවට දරාගත නොහැකි අන්දමින් වැඩිකිරීමට සිදුවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා

පවතින යුද්ධය හෙට දිනයේ අවසන් වුවද, ඉන්ධන නිෂ්පාදනයට සහ යටිතල පහසුකම්වලට සිදුව ඇති බලපෑම හේතුවෙන් එහි ආර්ථික පීඩනය වහාම අවසන් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දැනටමත් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ රජය ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබා දෙන බවත්, ඒ සඳහා රජය මසකට රුපියල් බිලියන 20 ක අතිවිශාල පිරිවැයක් දරන බවත් ඔහු සඳහන් කළා.

පවතින ගෝලීය යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සැපයුම් ජාල බිඳවැටීම හේතුවෙන්, ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.