මගේ පොත එළිදැක්වීම නතර කරන්න මාර්තු 27 මාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තියෙනවා – ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් තමන් එළිදක්වන පොත නැවැත්වීම සඳහා මාර්තු 27 වැනිදා තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, පසුගියදා නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකින් එය තහවුරු වන බවත්, නමුත් තමා අත්අඩංගුවේ සිටියත්, නිදහසේ සිටියත් පොත එළිදැක්වීම නතර කළ නොහැකි බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.