දේශ­පා­ලන-නිවේ­දක නම් විකුණා මුදල් ගැරූ අයෙක් ගුවන්තොටේදී අත්අ­ඩං­ගු­වට

ප්‍රබල ඇමැ­ති­වරු දෙදෙ­නෙක්, නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යෙක්, භික්ෂුන් වහන්සේ කිහි­ප­න­මක්, ප්‍රසිද්ධ රූප­වා­හිනී මාධ්‍ය­වේ­දීන් දෙදෙ‍ෙ­නක්, සංගී­ත­ඥ­යෙක් ඇතුළු සමා­ජයේ ප්‍රසිද්ධ පුද්ග­ල­යන් 17 දෙනකු ලෙස පෙනී සිටි­මින් ඩුබායි සිට වට්ස්ඇප් ගිණුම් කිහි­ප­යක් මඟින් මුදල් රැස්ක­ර­මින් වංචා­වක නිර­තව සිටි පුද්ග­ල­යෙක් මෙර­ටට පැමිණි අව­ස්ථා­වේදී ගුව­න්තො­ටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට ගෙන පෙ‍රේදා (21) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

දැඩි ලෙස අන්ත­ර්ජාල සූදු­ව­කට ඇබ්බැහි වී සිටින මෙම පුද්ග­ලයා සූදු­වට මුදල් සොයා ගැනී­මට වංචාවේ නිර­තව සිට ඇති බව ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී තිබේ.

වත්මන් ආණ්ඩුව බල­යට පත්වන විටත් ඔහු සිට ඇත්තේ ඩුබායිහිය. එරට සමා­ග­මක අලෙවි නියෝ­ජි­ත­යෙක් ලෙස රැකි­යාවේ නිර­තව සිට ඇති ඔහු එම සමා­ග­මට කළ වංචා­වක් හේතු­වෙන් රැකි­යා­වෙන් ඉවත් කර ඇති බව ද විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇත.

රැකි­යාව ද අහි­මිව ඩුබායිහි රැඳී සිටි ඔහු සූදු­වට මුදල් සොයා ගැනී­මට පහසු ක්‍රම­යක් ලෙස යොදා­ගෙන ඇත්තේ මෙරට ප්‍රසිද්ධ පුද්ග­ල­යන් ලෙස පෙනී සිටි­මින් මුදල් එකතු කිරී­මය. ඇමැ­ති­ව­රුන් වන නලින්ද ජය­තිස්ස, සුනිල් හඳු­න්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණ­සේ­කර ඇතුළු විවිධ පුද්ග­ල­යන්ගේ නමින් ඔහු පෙනී සිට ඇත්තේ ඔවුන්ගේ මුහුණ සහ නම භාවිත කර­මින් වට්ස්ඇප් ගිණුම් විවෘත කර­ගෙ­නය.

“මේ පුද්ග­ලයා වට්ස්ඇප් ගෲප් හද­නවා. ඇමැ­ති­වරු, මාධ්‍ය­වේ­දීන්, භික්ෂුන් වහන්සේ, සංගී­ත­ඥ­යන් ඇතුළු 17 දෙන­කුගේ නම්ව­ලින් වට්ස්ඇප් ගෲප් හදලා තියෙ­නවා. එක පුද්ග­ල‍ය­කුට එක වට්ස්ඇප් ගෲප් එක ගානෙයි හදන්නේ. ඒ වට්ස්ඇප් ගෲප්ව­ලට විශාල පිරි­සක් එකතු කර ගන්නවා. ඊට පස්සේ තමයි මුදල් වංචා සිදු­වන්නේ. එක් අව­ස්ථා­ව­කදී ඇමැ­ති­ව­ර­ය­කුගේ නමින් හදපු වට්ස්ඇප් ගෲප් එකෙන් ඔහු පක්ෂ අර­මු­ද­ලට මුදල් ඉල්ලා තිබෙ­නවා. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා‍ගේ නමින් තියෙන ගෲප් එකට දිට්වා සුළි­කු­ණා­ටු­වෙන් හානි වූවන්ට දෙන්න කියල මුදල් රැස්ක­රල ති‍‍යෙනවා. ඔය විදි­හට ඔහු සෑම වට්ස් ඇප්ගෲප් එකක් මාර්ග‍‍යෙන්ම මේ විදි­හට මුදල් රැස්කර තියෙ­නවා. බැංකු ගිණුම් 03ක් මේ සඳහා භාවිත කර තියෙ­නවා“ යැයි අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු‍වේ උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම ජාවා­රම ගැන දීර්ඝ ලෙස කළ විම­ර්ශ­න­යේදී සැක­කරු විදේ­ශ­යක සිට මෙම ජාවා­රම මෙ‍හෙය­වන බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. ඒ අනුව ඔහු සම්බ­න්ධ­යෙන් ගුව­න්තො­ටු­පොළ දැනු­වත් කිරී­මට පිය­වර ගත් බවත් ඒ අනුව පසු­ගිය 20 දා ඔහු මෙර­ටට පැමි­ණෙන විට අත්අ­ඩං­ගු­වට ගත් බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ