කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් ඇති බවට විරවිල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ ගඟසිරිගම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා ඇති අතර එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වීරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.