රට තුළ ඉන්ධන නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන නොමැති බව පවසමින් විදේශිකයින් පැමිණීම අධෛර්යමත් කරමින් සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන මහජන පෙළඹවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.
සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණකය අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.







