හෝමූස් විවෘත කරන්න ට්‍රම්ප්‌ගෙන් ඉරානයට පැය 48ක්

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා (මාර්තු 21) ඉරානයට පැය 48 ක කාල සීමාවක් ලබා දුන්නේ නැව් ගමනාගමනය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සදහා ය.

“ඉරානය තර්ජනයකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, මෙම නිශ්චිත මොහොතේ සිට පැය 48 ක් ඇතුළත ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විවිධ බලාගාරවලට පහර දී ඒවා විනාශ කරනු ඇත, පළමුවැන්න විශාලතම එකකින් ආරම්භ වේ!” ට්‍රම්ප් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබේ.

පෙබරවාරි 28වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය දියත් කළ දා සිට, පළිගැනීමක් ලෙස ඉරානය සමුද්‍ර සන්ධිය ඵලදායී ලෙස වසා දමා ඇත.