වන අලියෙකු පහරදීම හේතුවෙන් දියබෙදුම කොඳුරුවාව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ වන අලි ප්‍රහාරයට ලක්වූ මේ පුද්ගලයා දියබෙදුම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු අවුරුදු 61 ක් වූ අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු පැල් රැකීම සඳහා තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි පහරදීමට ලක්ව ඇති බවයි දියබෙදුම පොලිසිය පැවසුවේ.







