අදත් ශරීරයට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (21) දිනයේත් ශරීරයට දැනෙන උෂ්ණත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයක් පැවතිය හැකි බවයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.