පෝට් සිටි ආයෝජන ව්‍යාපාර 150ක් අලුතින් ලියාපදිංචි වෙයි

කොළඹ වරාය නග­රයේ ආයෝ­ජ­නය සඳහා මේ වන විට ව්‍යාපාර 150කට වැඩි ප්‍රමා­ණ­යක් අලු­තින් ලියා­ප­දිංචි වී තිබෙන බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පාර්ලි­මේ­න්තු­වේදි ඊයේ (19) ප්‍රකාශ කළේය. කොළඹ වරාය නග­රය ආර්ථික කොමි­ෂන් සභාව පනත යටතේ නියෝග අනු­මත කිරීම සහ ලෝකයේ පව­තින වර්ත­මාන තත්ත්වය පිළි­බඳ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සුනිල් හඳු­න්නෙත්ති මහතා,

“එදා යම් යම් කාරණා සමඟ අපි කොළඹ වරාය නගර ව්‍යාපෘ­ති­යට විරුද්ධ වුණා. නමුත් එදා සිට කැඳවා ගන්න පුළු­වන් වුණේ ආයෝ­ජන තුනයි. එයි­නුත් එකක් අත­ර­මඟ නතර වුණා. නමුත් අපේ ආණ්ඩුව නතර කළ ආයෝ­ජ­නයේ ඉදි­කි­රීම් කට­යුතු පට­න්ගෙන තිබෙ­නවා. මේ වන විට අලු­තින් ව්‍යාපාර 150කට වඩා අලු­තින් ලියා­ප­දිංචි කර තිබෙ­නවා. මේ සඳහා වර්ග මීටර් මිලි­යන 6.3ක විදෙස් ආයෝ­ජන ගේන්න අපි අපේක්ෂා කර­නවා. මේ සඳහා විශ්වා­ස­යක්, ක්‍රම­වත් බවක් අවශ්‍ය වෙනවා.

කොළඹ වරාය නග­රය ව්‍යාපෘ­ති­යට ගේන ආයෝ­ජන සම්බ­න්ධ­යෙන් විශ්වා­ස­යක් අවශ්‍ය වෙනවා. මේ පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත කර ගත් දිනයේ සිට ආයෝ­ජ­ක­යන් කැඳවා ගන්න නොහැකි වුණා. පාල­නයේ දූෂණ නිසා ආයෝ­ජන ගෙන්වා ගන්න නොහැකි වුණා. හවුල් පාල­නයේ සහ පවුල් පාල­නයේ දූෂණ නිසා එවැ­න්නක් කරන්න නොහැකි වුණා.

ආණ්ඩුවේ දේශ­පා­ලන ස්ථාවර බව නිසා ආයෝ­ජන ව්‍යාපෘති විශාල ප්‍රමා­ණ­යක් මේ වන විට පැමිණ තිබෙ­නවා. එදා කොමිස් මුදල තමයි මුලින්ම ඉල්ලුවේ. නමුත් අද එහෙම වෙන්නේ නැහැ. අද බැසිල් රාජ­ප­ක්ෂලා නැහැ. කිසිදු අක්‍ර­මි­ක­තා­වක් සිදු වන්නේ නැහැ. අද ලෝකයේ ව්‍යව­සා­ය­ක­යන්ට යන්න ඕනෑ තරම් රට­වල් තිබෙ­නවා. කලා­පීය සුහ­ද­ත්වය තිබෙ­නවා. මේ ආණ්ඩුවේ ශක්ති­මත් බව ගැන ආයෝ­ජ­ක­යන් කල්පනා කර­නවා.

අද විශේ­ෂිත බවක්, පෞද්ග­ලික බවක් නොමැ­තිව සාධා­ර­ණව කට­යුතු සිදු වෙනවා. 2026 ජන­වාරි මාසය වන විට විවිධ ආයෝ­ජන විශාල ප්‍රමා­ණ­යක් පැමිණ තිබෙ­නවා. මෙය පරි­ව­ර්ත­න­යක ආර­ම්භ­යක් වෙනවා. ආයෝ­ජ­ක­යන් සමඟ ක්‍රියා­කා­රීව එක­ඟ­තා­වන්ට පැමි­ණෙ­නවා. උසස් ආර්ථික කළ­ම­නා­ක­රණ කමි­ටු­වක් ජනා­ධි­ප­ති­ව­රයා විසින් පත්කර තිබෙ­නවා.

අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය සහි­තව සෘජුව විදෙස් ආයෝ­ජන සඳහා කැඳ­වන්න අපිට හැකි­යාව ලැබී තිබෙ­නවා. යම් යම් ප්‍රමාද තිබෙ­නවා. එය අවම කරන්න අපි පිය­වර ගනි­මින් ඉන්නවා. සති 6ක් ඇතු­ළත අවශ්‍ය අනු­මැ­තිය ලබා­දෙන්න අපි තීර­ණය කර තිබෙ­නවා. ආයෝ­ජන සඳහා එන අයට ආය­තන 26කින් පමණ අනු­මැ­තිය ගන්න සිදු වෙනවා. ඒ නිසා මෙය එකම වහ­ලක් යටින් අව­සර ගන්න අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා.

රටේ දේශ­පා­ලන ස්ථාවර බව නිසා ආයෝ­ජ­ක­යන් කැමැ­ත්තෙන් එනවා. මේ යුද තත්ත්වය නිසා එක් ධීව­ර­යෙක් හෝ මුහුදු ගොස් එන්න නොහැ­කිවූ අයෙක් ඉන්නවා ද? එක තැනක හෝ බෙදා­හැ­රීමේ ජාලයේ බිඳ­වැ­ටී­මක් සිදුව නැහැ. කර්මා­න්ත­ශාලා 1300ට ඉන්ධන පහ­සු­කම් ලබා­දෙන්න අපි පිය­වර ගෙන තිබෙ­නවා. මේ ස්ථාවර බව ඉතා වැද­ගත් වෙනවා”

ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර සහ සන්ධ්‍යා කරුණාරත්න