ගෑස් සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ‍QR ක්‍රමවේදයෙන් බැහැර වන ඉන්ධන පිරවුම්හල් තහනම් කිරීමට පියවර ගන්නවා.

* ඉන්ධන එකතු කරන පිරිස් වැටලීමට පියවර ගන්නා අතර, කළු ආර්ථිකයක් නිර්මාණය කිරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.

* ගෑස්, පාස්පෝට්, ගල් අඟුරු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ තැන්වල අවුරුදු 15 – 20 එකම සැපයුම්කරු ඉන්නේ. අපි මේ ‘කාටල’ බිඳීමට කටයුතු කරනවා.

* අපිට ගෑස් සැපයුම අඛණ්ඩව තහවුරු වී තිබෙන්නේ, මැද පෙරදිගින් පිට සමාගමක් නිසා.

* ගෑස් සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ගෑස් මෙට්‍රික් ටොන් 38000 ක් පැමිණ තිබෙනවා, තවත් 33000 ක් ගොඩබාමින් පවතින අතර, තවත් 33000 ක් අප්‍රේල් මාසයේ එනවා.

* පෞද්ගලික සමාගමකට මාස 03 කට ගෑස් සපයන්න අවසර ලබාදුන් අතර, ඔවුන්ගේ හම්බන්තොට ගබඩා පර්යන්තයට ප්‍රමාණවත් ලෙස ගෑස් රැගෙන එන්නට අවසර ලබාදී තිබෙනවා.