අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) දිනයේද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද <em>“ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය”</em> පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතයි.