ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
වාහන ලියාපදිංචි කිරීමේදී ඇති වන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමු කළ හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම සේවාව හරහා පද්ධතිය භාවිතය පිළිබඳ මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබාදෙන අතර, වංචනික ක්‍රියාකාරකම් හෝ පද්ධතිය අවභාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද එයට දැනුම් දීමට හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








