IMF නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසනවා.

එම නියෝජිත පිරිස අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) 05 වන සහ 06 වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.