EPF වංචා­ව­කට අනු­බල දුන්නැයි සැක අයෙක් CCID අත්අ­ඩං­ගු­වට

රාජ්‍ය සේවයේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලැබූ බවට ව්‍යාජ ලේඛන ඉදි­රි­පත් කර­මින්, සේවක අර්ථ­සා­ධක අර­මු­දලේ (EPF) මුදල් වංච­නික ලෙස ලබා­ගැ­නී­මට ආධාර අනු­බල දුන් බව කියන සැක­ක­රු­වකු මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම මුදල් වංචාව සම්බ­න්ධ­යෙන් මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය වෙත ලැබුණු පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන ආරම්භ කර තිබූ අතර, එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ ව්‍යාජ ලේඛන ඉදි­රි­පත් කර­මින් සාප­රාධී ලෙස විශ්වා­සය කඩ­ක­ර­මින් මෙම මුදල් ලබා­ගෙන ඇති බවයි.

මෙම අප­රා­ධය සඳහා කුම­න්ත්‍ර­ණය කිරීම සහ ආධාර අනු­බල දීම සම්බ­න්ධ­යෙන් මීට පෙර සැක­ක­රු­වන් 06 දෙනකු සහ සැක­කා­රි­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබුණි.

පොලී­සිය සඳ­හන් කරන පරිදි, මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කළ වැඩි­දුර විම­ර්ශ­න­ව­ලදී මීට පෙර අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රි­ය­කගේ ස්වාමි­පු­රු­ෂයා වන 32 හැවි­රිදි මැද­ව­ච්චිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු පෙරේදා (18) සවස මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ඊයේ (19) මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබූ අතර, මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන මෙහෙ­ය­වනු ලබයි.

රක්ෂණ ශ්‍රියන්ත