කෝටි 05කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 05කට අධික කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික තොගයක් මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ තිබුණා.

ඉන් අනතුරුවයි ඔහු ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණේ.

ඒ අනුව, ඔහු රැගෙන ආ ගමන් මලු‍ 02ක ව්‍යාජ පතුළක් සකස් කර එහි මෙම මත්ද්‍රව්‍ය පැකට් ලෙස අසුරා තිබූ බවයි හිරු ගුවන්තොටුපළ වාර්තාකරු කියා සිටියේ.