මෙයාලට ටෙන්ඩරයක් කැඳවා ගන්නත් බැහැ, රට පාලනය කරගන්න බැහැ කියන එක ඉතාම පැහැදිලියි – පාඨලී

ගල් අඟුරු වංචාව හේතුවෙන් නියමිත ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත්, අගෝස්තු මාසය වන විට රට බරපතළ විදුලි කප්පාදුවකට යොමු වීමට සිදු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

වත්මන් ආණ්ඩුවට ටෙන්ඩරයක් නිවැරදිව කැඳවා ගැනීමටත්, රට පාලනය කර ගැනීමටත් නොහැකි බව ඉතා හොඳින් පැහැදිලි වී ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.