බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක ජගත් වික්‍රමරත්නට භාර දීමට නියමිතව තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සහ කුමාර ජයකොඩි වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදු කළ බව පවසන දූෂණ හා අක්‍රමිකතා චෝදනාවලට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි විපක්ෂය සඳහන් කරන්නේ.
අද පෙරවරුවේ එම යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.







