පෙට්‍රල් වැඩි මිලට විකුණු ව්‍යාපාරිකයකු පෙට්‍රල් ලීටර් 604 ක් සමඟ මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රදේශයේ වෙළෙඳසලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී පෙට්‍රල් ලීටර් 604 ක් පුරවා තිබූ බැරල් 2 ක් සහ බූලි 7 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් මිල දී ගෙන, පෙට්‍රල් බෝතලයක් රුපියල් 320 ක මුදලකට අලෙවි කර ඇති අතර, ඔහු අද (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.







