ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images