ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බැරලයක මිල ඩොලර් 112 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එසේම අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් මිල ද 3%කින් ඉහළ ගොස් ඩොලර් 99.27 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ලොව විශාලතම ස්වාභාවික වායු නිධියක් වන ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) වායු පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර් හි පිහිටි ප්‍රධාන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) අපනයන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර දැඩි හානි සිදු කර ඇති අතර, මේ නිසා ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ දැඩි අවිශ්වාසයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.







