රාගම ට්‍රැෆික් OIC අල්ලස් දැලේ

කුකුළු මස් ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් රුපි­යල් 10000ක අල්ලස් මුද­ලක් ලබා ගනි­ද්දීම රාගම පොලී­සියේ රථ වාහන අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව සඳ­හන් කරයි

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකි.

රාගම, රාම්පි­ටිය, කැටි­ගේ­වත්ත පාර ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රි­කයා රාගම පොලිස් වසමේ සති­පොළ මධ්‍යයේ කුකුළු මස් අලෙ­වි­ස­ලක් පව­ත්වා­ගෙන යනු ලබයි. සැක­කාර උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සති­පො­ළෙහි මාංස අලෙ­වි­ස­ලක් පව­ත්වා­ගෙන යෑම වෙනු­වෙන් ව්‍යාපා­රි­ක­යා­ගෙන් සති­ය­කට රුපි­යල් 5000 බැගින් ඉල්ලා ඇතැයි පොලී­සිය කියයි.

ඊට අදාළ සති දෙකක මුදල් ලබා­දීම සඳහා ව්‍යාපා­රි­කයා පැමිණ රුපි­යල් 10000 ක මුදල සති­පොළ මධ්‍ය­යේදී ලබා­දී­මේදී අල්ලස් කොමි­ෂන් සභාවේ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සැක­කාර නිල­ධා­රියා එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා පැමිණ ඇත්තේ පොලිස් සැර­ය­න්ව­ර­යකු සම­ඟය‍. රාගම නග­රයේ රථ­වා­හන රාජ­කා­රියේ යෙදෙන බවට පොලිස් පොතක සට­හන් යොදා පොලිස් යතු­රු­පැ­දි­ය­කින් ඔවුන් පැමිණ ඇති බව පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා 2026 ජන­වාරි මස 17 වැනි දින බිය­ගම පොලී­සියේ සිට රාගම පොලී­සියේ රාජ­කා­රි­යට පැමිණි අයෙක් බවත් පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි.

58 හැවි­රිදි සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

බණ්ඩා­ර­ගම – බිමල් ජය­සිංහ