හිටපු ජනපති රනිල්ට සැත්කමක් සිදුකර තිබෙනවා – රවී කරුණානායක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

ඒ අනුව, එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත්, හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ‍.

වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ බව ප්‍රකාශ කර තිබෙනවා.