පාර්ලිමේන්තුව අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබෙනවා.
එසේම, ප.ව. 2.00 – ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාවද විවාදයට ගැනීමට නියමිතයි.







