ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10ක් 2026 මාර්තු 15 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි Port Mobile සිට ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර 2026 මැයි 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරයි.
Bell 206B-3 Jet Ranger යානයේ මිලිටරි ප්‍රභේදයක් වන මෙම මෙහෙයුම් ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට (SLAF) අත්‍යවශ්‍ය වැඩිදියුණු කළ අගයක් එක් කරයි. Bell 206 මාදිලි සමඟ SLAF හි පවතින විශේෂඥතාව උපයෝගී කරගනිමින්, උසස් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම සහ ගලවා ගැනීම ඇතුළු තීරණාත්මක පොදු කාර්ය මෙහෙයුම් සඳහා වන හැකියාවන්, මෙම යානා මගින් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇත. මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම අපගේ කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරයි. මැයි මස තුන්වන සතියේ අපේක්ෂිත පැමිණීමත් සමඟ, මෙම හෙලිකොප්ටර් යානා ශ්‍රී ලංකාවේ වේගවත් ප්‍රතිචාර දැක්වීමේ සහ ආධාර බෙදා හැරීමේ ධාරිතාව බෙහෙවින් ඉහළ නංවනු ඇත.
නැව්ගත කිරීමට පෙර, ගෲප් කපිතාන් ඉරංග ගුණසිංහ, ගෲප් කපිතාන් නාලක එටිපොල සහ ස්කොඩ්රන් ලීඩර් චාමර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා දූත පිරිසක් ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූහ. ඔවුන්ගේ සංචාරයේ දී හෙලිකොප්ටර් සඳහා මූලික දෘශ්‍ය පරීක්ෂාව සහ නැව්ගත කිරීමේ කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමු විය.
පූර්ණ වශයෙන් සිදුකළ මෙම ස්ථාවර හා ඉතා වටිනා පරිත්‍යාගය සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව සිය හෘදයාංගම කෘතඥතාවය පළ කරයි.
ශ්‍රී ලංකා තානාපති කර්යාලය
වොෂිංටන් ඩී.සී.
03.17.2026









