රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සිය සහාය ලබාගත හැක.
076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය (Vehicle Number) ටයිප් කර යොමුකරන්න.
(වාහන අංකය ඡායාරූපයක් ලෙස නොඑවිය යුතු බව සලකන්න). ඒ සමඟ පහත සඳහන් ලේඛනවල පැහැදිලි ඡායාරූප එම අංකයටම යොමු කරන්න:
– ජාතික හැඳුනුම්පත (NIC) / රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
– වලංගු ආදායම් බලපත්‍රය (Vehicle License).
– වාහන ලියාපදිංචි සහතිකය (CR).
ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණි. එහිදී ඉදිරිපත් කරන හැඳුනුම්පත් අංකය, වාහන ලියාපදිංචි සහතිකයේ (CR) සඳහන් හිමිකරුගේ අංකය සමඟ අනිවාර්යයෙන්ම සැසඳිය යුතුය. ඔබ විසින් ලබාදෙන සියලුම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ආරක්ෂා කරනු ලැබේ. මෙම දත්ත රැස් කරනුයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ (Validation) අරමුණින් පමණක් වන අතර, සත්‍යාපනය අවසන් වූ පසු වාහන අංකය හැර අනෙකුත් සියලුම පෞද්ගලික දත්ත පද්ධතියෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලැබේ.







