කොළඹ මහා නගර සභාව වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවයි

අද (18) සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු තාවකාලිකව අත්හිටුවිමට කොළඹ මහ නගර සභාව තීරණ කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා පවසයි.

අද (18) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ බව පැවසීය.

පවතින ගෝලීය අර්බුදය හුමවේ ජනතාව ඉතාම පිඩාවට පත් වි සිටින බැවින් මෙම තිරණය ගත් බවත් ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ සිටන සාමාජික කණ්ඩායම ඒකමතිකව සිය එකඟතාවය ලබා දුන් බවද ඔහු සඳහන් කළේය.

පවතින අර්බුදයට පෙර කොළඹ නගර සභාවට අයත් වාහන නැවැත්වීමේ ගාල්වල නවතා තබන සියලුම වාහන සඳහා උදෑසන 6.00 සිට රාත්‍රි 12 දක්වා ගාස්තු අය කිරිමක් කළ බවද හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.