ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, දකුණ, ඌව, වයඹ පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය අදාළ වේ.

එම ප්‍රදේශවල සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.