හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදුන්නා.
ඒ කොළඹ මහල් නිවාස කිහිපයක් පුද්ගලයින්ට ලබාදීමේ ගැන සිදු කෙරෙන විමර්ශනයකට වන අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කළ කැඳවීමකට අනුව ඔහු මෙලෙස පැමිණ තිබුණා.
එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැය 2 1/2ක පමණ කාලයක් ප්රකාශ ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබුණා.







