පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස් වන අතර, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අදාළ අතුරු යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිත අතර, එම විවාදයෙන් අනතුරුව එය අනුමත කිරීමට නියමිතව ඇත.
ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.







