පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ සියලුම අංශ, නාරාහේන්පිට මැලේරියා ගොඩනැඟිල්ලේ සියලුම අංශ, ජාතික පිළිකා මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතනවල නිලධාරීන් නිවසේ සිට රාජකාරි කළ යුතු බවයි සඳහන් වන්නේ.
එසේ වුවද, ප්‍රවාහන අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැඟිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිලධාරීන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කළ යුතු බවත් දැනුම් දී තිබෙනවා.
මීට අමතරව, ඉහත සෞඛ්‍ය ආයතනවල සිදු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්රමෝපායන් අනුගමනය කරමින් ඉටු කළ යුතු බවයි වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.








