2027 වසරේදී පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෙන්ම නියාමන අධිකාරියක් මඟින් පෙර පාසල් නියාමනය කිරීමටත් කටයුතු කරන බවයි, අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.
පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලාවක් සකස් කර තිබෙන බවත්, ඉදිරියේදී පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඒ අනුව බවත් අගමැතිවරිය ප්‍රකාශ කළා.
පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීමටත්, වැටුප් තලයක පිහිටුවීමටත් රජය පියවරෙන් පියවර කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.







