ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතට එල්ල වූ ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයෙන් පසුව, බලශක්ති මිල ගණන් ඩොලර් 100 ආසන්නයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, අද උදෑසන ආසියානු වෙළෙඳපොළ තුළ මිල දර්ශකවල යම් අස්ථාවරත්වයක් දක්නට ලැබුණු අතර, ඇමෙරිකානු බොරතෙල් මිල 0.6% කින් සුළු වශයෙන් පහත වැටී බැරලයක් ඩොලර් 98.14 ක් ලෙස සටහන් වී තිබුණා.
මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට (IEA) අයත් ප්‍රධාන රටවල් තම සංචිතවලින් බැරල් මිලියන 400 ක් නිදහස් කිරීමට පොරොන්දු වී ඇතත්, තෙල් මිල තවමත් පවතින්නේ යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා ඉහළ අගයක බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.







