‘රටම එකට’ ජාතික මෙහෙ­යු­මෙන් මාස හතරකදී මත්ද්‍රව්‍ය කිලෝ 10,000ක් අල්ලයි

‘රටම එකට’ ජාතික මෙහෙ­යුම ආරම්භ කළ 2025 වසරේ ඔක්තෝ­බර් 30 වැනිදා සිට මේ දක්වා කළ වැට­ලී­ම්ව­ලින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 10,000කට අධික ප්‍රමා­ණ­යක් සමඟ සැක­ක­රු­වන් 125,000කට වැඩි පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය අතර හෙරො­යින් කිලෝ 931කට වැඩි ප්‍රමා­ණ­යක්, අයිස් කිලෝ 1927කට වැඩි ප්‍රමා­ණ­යක් ඇතැයි පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කරයි.

ගංජා කිලෝ 4437කට වැඩි ප්‍රමා­ණ­යක් ද, කොකොන් කිලෝ 15කට වැඩි ප්‍රමා­ණ­යක් ද, කුෂ් කිලෝ 250කට වැඩි ප්‍රමා­ණ­යක් ද, හෂීෂ් කි‍ලෝ 185කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මද­න­මෝ­දක කිලෝ 262කට වැඩි ප්‍රමා­ණ­යක් ද, මාවා කිලෝ 210කට වැඩි ප්‍රමා­ණ­යක් ද සැක­ක­රු­වන් සතුව තිබී සොයා­ගෙන තිබේ.

මෙයට අම­ත­රව ගංජා පැළ ලක්ෂ 67කට වැඩි ප්‍රමා­ණ­යක් ද ගංජා සුරුට්ටු 489ක් ද මත්ක­රල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමා­ණ­යක් ද අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය අතර වේ. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ව­න්ගෙන් 188 දෙනෙක් සම්බ­න්ධ‍යෙන් වත්කම් විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලී­සිය සඳ­හන් කරයි.

මේ දක්වා අත්අ­ඩං­ගු­වට ගෙන ඇති සැක­ක­රු­වන් අතර මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ සැක­ක­රු­වන් සිටින්නේ 1000ක් පමණ වූ පිරි­සකි. මත්ද්‍රව්‍ය විකි­ණීම හා ප්‍රවා­හ­නය කිරීම් සම්බ­න්ධ‍යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පිරිස 3350ක් පමණ වේ. සෙසු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර­න්නන් බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.