වෛද්‍යවරුන් සඳහා ප්‍රමුඛතා පදනම මත සහ ඉන්ධන සීමාව ප්‍රශස්ත මට්ටමකට සංශෝධනය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (15) දින ලිපියක් යොමුකර ඇත.
රෝගී සත්කාර සේවා සඳහා වැය කළ යුතු වටිනා කාලය ඉන්ධන පෝලිම් සඳහා අනවශ්‍ය ලෙස වැය කිරීමට සිදුව ඇතැයි ද එම ලිපියේ දක්වා තිබේ. මෙරට ජනතාවට අත්‍යවශ්‍යම සේවාවක් වන සෞඛ්‍ය සේවාව ලබාදීමේදී සමස්ත වෛද්‍යවරුන් ප්‍රමුඛ සියලු සෞඛ්‍ය සේවා හට මුහුණපාන්නට වී තිබෙන මෙම ඉන්ධන සපයා ගැනීමේ අර්බුදය අතිශය ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ජනාධිපතිවරයා මැදිහත්ව මෙම ගැටලුව විසඳා දෙන ලෙසට ද එහි සඳහන් කර තිබේ.
වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරි, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගන්නා අතර, නිල වාහන හා ඉන්ධන දීමනා රජයෙන් ලබාදීමක් සිදු නොවන බවත්, වත්මන් ඉන්ධන අර්බුදය වෛද්‍යවරුන්ට තම රාජකාරි ප්‍රවාහන සේවා සපයා ගැනීමෙහිලා දැඩි අගතිගාමි බලපෑමක් ඇති කර තිබේ. යෝජිත ඉන්ධන සලාකය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.
නිෙවසින් බැහැර දුර ප්‍රදේශවල රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණිගත වෛද්‍යවරුන් සහ නිල ප්‍රවාහන පහසුකම් නොමැති පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට තම රාජකාරි ප්‍රවාහන කටයුතු සපයා ගැනීම කිසිසේත් සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද එහි සඳහන් කර තිබේ.







