ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද (15) යෙදී තිබෙනවා.

පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණයි.

මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාව වන්නේ “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්නයි.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන නීතිය වන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතයි.

මෙම පනත මගින් භාණ්ඩවල ගුණාත්මකභාවය, වගකීම් සහතික, මිල ප්‍රදර්ශනය කිරීම සහ අසාධාරණ වෙළෙඳ සිරිත් තහනම් කිරීම වැනි කරුණු නීතිමය වශයෙන් ආරක්ෂා කර තිබෙනවා.