දිට්වා සුළි කුණාටුවෙන් මෙරට දිස්ත්‍රික් 06කට නාය යෑම් අවදානම් ඇති වුණු අතර බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල එයින් මහනුවර දිස්ත්‍රික්කයට වැඩි හානි සිදු විය.
නොවැම්බර් 27 සිට මේ දක්වා මාස තුනකට වැඩි කාලයක් තුළ නිවාස 11000 ක් පමණ පරීක්ෂා කර නිවාස 6500 කට වාර්තා නිකුත් කර ඇත. නාය යෑම් ආපදා ප්‍රතිචාර වාර්තා 2000 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් අධි අවදානම් නිවාස 5000 කට අධික සංඛ්‍යාවක් තිබෙන බවත් ඉදිරියට මෙය වැඩිවීමක් සිදුවිය හැකි බවත් මහනුවර ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥය චතුරි සුභසිංහ මහත්මිය පැවසුවාය.
නැවත පදිංචි කිරීම උදෙසා ඉඩම් 169 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 92 ක් උදෙසා අනුමැතිය ලැබී ඇත. තනි ඉඩම් පරීක්ෂාවන් 150 ට වැඩියෙන් දැනට පරීක්ෂා කර ඇති අතර මධ්‍යම කඳුකරයේ ඉදිකිරීම් උදෙසා අඩු ඉඩම් ප්‍රමාණයක් තිබුනත් ජන ඝනත්වයත් සමඟ සංවර්ධන කටයුතු වැඩි වීමක් සිදුව ඇත.
දිට්වා අපේ යහපැවැත්මට ලැබුණ හොඳ අවස්ථාවක්. කෙසේ වෙතත් දීර්ඝ කාලීන විසදුමකට අප යා යුතු බව ඇය පෙන්වා දෙයි.
කලින් NBRO වාර්තා ලබාගෙන ඇති ඉඩම් සඳහා එම නිර්දේශයන් වාර්තාවලට පමණක් සීමා වී ඇති අතර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර නැත.
ජන ඝනත්වය වැඩිවීමත් භූමි ප්‍රමාණයන් මදි වීමත් හේතුවෙන් ප්ලැට් නිවාස ක්‍රමයක් සුදුසු බව NBRO ආයතනය විසින් යෝජනා කර ඇත.
සීමිත සම්පත් ප්‍රමාණයක් සමඟ කටයුතු කරන නිසා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ප්‍රමාද වීමට හේතු වී ඇත. කලින් භූමි යෝග්‍යතා සහතිකයට යොමු නොවුනත් ආපදා තත්ත්වය හේතුවෙන් ජනයා එයට යොමු වීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන බව චතුරි සුභසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.







