UPDATE: නව QR කේත ගැන ගැටලු නිරාකරණය කරමින් පවතිනවා – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අය සහ අලුතින් වාහන මිලදී ගත් අය මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අත්‍යවශ්‍ය සේවාවන්ට සහ කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දින (15) තුළම ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් වනවා.