පෝලිම්වල සිටිමින් ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
අප්‍රේල් මාසය අග දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වන විට පවතින බවත්, ඇණවුම් කර ඇති නෞකාද පැමිණෙමින් පවතින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
විවිධ පාර්ශ්ව නොසන්සුන්තා ඇති කිරීම නිසා පසුගිය සති කිහිපයේ ඉන්ධන අලෙවිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමක් දක්නට ලැබුණු බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම QR ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විට නිකුත් කර ඇති පරිදි සතියට අවශ්‍ය ඉන්ධන කෝටාව ජනතාවට ලබාගත හැකි බවත් පෝලිම්වල සිටීමෙන් ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගැනීමටවත්, යාමට නොහැකිවීම නිසා නියමිත කෝටාව අහිමිවීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.
එසේම මගී ප්‍රවාහන බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කටයුතු සඳහා ඉන්ධන නිකුත් කිරීමට අදාළව තීරණ ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බවත් මයුර නෙත්තිකුමාරගේ ප්‍රකාශ කළා.







