ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසෝක රන්වලට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සපුගස්කන්ද ප්රදේශයේදී සිදු කළ රිය අනතුරකට අදාළව මහර මහේස්ත්රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.







