පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන

පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නිෂ්පාදන කාර්යන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සදහා අදාළ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර රට ගැන සිතා අනවශ්‍යය ලෙස ඉන්ධන පරෙභෝජනය සිදු කිරීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම කාලය තුළ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසය.
“සමස්ත ජනතාවගෙන් මේ වෙලාවේ රජයක් හැටියට ඉල්ලන ඉල්ලීම නමා නමන්ගේ පවුල ගැන විතරක් නෙමේ රට ගැනත් නිතන්න.. ඒ නිසා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සාධාරණීකරණය කරගන්න.ගෙදර තෙල් නියෙනවා කියලා හිතාගෙන දුවනවා වෙනුවට යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න”