මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ ධීවර ආදී ක්ෂේත්රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර, එක් එක් ක්ෂේත්රය තුළ පවතින යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මතු වූ කරුණු පිළිබඳව සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය වැනි ක්ෂේත්රයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්රාදේශීයව පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසත් එසේම නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කරන ලෙසද ජනාධිපතිවරයා ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉදිරියේදී මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක අවශ්‍යතාවත්, ඒ වෙනුවෙන් දැනට හඳුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය තවදුරටත් විධිමත් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එහිදී ඩිජිටල් කේත ක්රමයේ පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදි කර යාවත්කාලීන කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, පවතින අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේදයන් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළා. ඒ වෙනුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව යුහුසුළුව මැදිහත් වන ලෙසයි ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ.
අදාළ නිවේදනය පහතින්.








