ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබා ගැනීමේ QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය යටතේ ඉදිරියේදී ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රථවාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3ක් පිළිබඳව බලධාරීන් විසින් අවධාරණය කර තිබෙනවා. තමන් අයත් වන කාණ්ඩය හඳුනාගෙන ඒ අනුව QR කේතය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි එම අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.
<strong>එහිදී දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.</strong>
<strong>මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, තම QR කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් (දුරකථන අංකය සහ වාහන තොරතුරු නොවෙනස් නම්), නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. පද්ධතියට ප්‍රවිෂ්ට වී (Log-in) ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය මඟින් නැවතත් සිය QR කේතය ලබා ගැනීමේ හැකියාව පවතින බවද සඳහන්.</strong>
<strong>මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලුතින් මිලදී ගත් පුද්ගලයන් (අයිතිය වෙනස් වූ) හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියේ අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.</strong>
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.








