QR කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මහජනතාවගේ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබයක් මෙන්ම දැඩි පෝලීමක් නිර්මාණය වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇති බවත්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා,
“මේකට කළබල විමක් අවශ්‍ය වෙන්නේ නෑ QR කේතය හඳුන්වා දුන්නාට පස්සේ තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ වාහන කාණ්ඩය අනුව ලබා දෙනවා. මහජනයා අනවශ්‍ය කලබල වීමක් පෙන්නුම් කරලා තියන නිසා තමයි ෂෙඩ්ලඟ මෙච්චර මිනිස්සු පිරිලා ඉන්නේ. ඒක නිසා අපි පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඒ අදාළ තැන්වලට අපි ආරක්ෂාව සඳහා දාලා තියෙනවා. මහජනයා කලබල නොවුණානම් මේ ප්රශ්නය එන්නේ නෑ. ලීටර් 10ක් ගහන්න ඕන තැන ලීටර් 50ක් ගහන්න යනවා. හැමදේම මේ කලබල වීම මත. යුද්දේ නිසා ඇතිවූ කළමනාකරණයක් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. කලබල වෙන්න අවශ්‍ය නෑ තමන්ගේ වාහනයට අවශ්‍ය ඉන්ධන ඕන ෂෙඩ් එකකින් ලබා දෙනවා. ඒ නිසා අනවශ්‍ය කලබල අවශ්‍ය නෑ නමුත් අපි මේ නිසා ඇතිවන තදබදය අවම කරන්න අපේ පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන් යොදවා අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”







