හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා සියලුම නෞකා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉරාන නාවික හමුදාව සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය විය යුතු බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයින් බඝායි (Esmaeil Baghaei) පවසනවා.
“ඇමරිකාව සහ ඊශ්‍රායලය (සියොන්වාදී පාලනය) කලාපය තුළ නිර්මාණය කර ඇති අනාරක්ෂිතභාවය නෞකාවල ගමනාගමනයට බලපෑම් කළ හැකියි. කෙසේ වෙතත්, ඉරානයට අවශ්‍ය වන්නේ මෙම සමුද්‍ර සන්ධිය අනිවාර්යයෙන්ම ආරක්ෂිතව පවත්වා ගැනීමටයි” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පර්සියානු ගල්ෆ් කලාපයේ දිගම වෙරළ තීරයට හිමිකම් කියන රටක් ලෙස, මෙම උපායමාර්ගික ජල මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ඉරානය නිරන්තරයෙන් කැපවී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි (Mojtaba Khamenei) සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තමන් සතු ප්‍රබලම මෙවලම ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව වසා තබන බවයි.
මූලාශ්‍රය | රොයිටර්ස්







