සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද සිදුකෙරේ

සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද (14) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

2025 වර්ෂයට අදාළව 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු සඳහා මෙලෙස සිසු හෙද පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන බවයි සඳහන් වන්නේ.

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිදු කරන මෙම කාර්යය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම‍ට නියමිතයි.