මෙටා සමාගම එහි විශාල සේවක ප්‍රමාණයක් ඉවත් කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා.
කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන කටයුතු කිරීමත් සමග ආයතනික වියදම් ඉහළ යාම ඊට හේතුව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව, මෙටා සමාගමේ සේවකයන්ගෙන් සියයට 20ක ප්‍රතිශතයක් මෙලෙස ඉවත් කෙරෙනු ඇති බව සඳහන් වනවා.
පසුගිය වසර අවසන් වන විට මෙටා සමාගම යටතේ සේවකයින් 79,000ක් පමණ සේවය කර තිබෙනවා.







